කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමිට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.සෙසු සැකකරුවන් අද(18) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.