Life+News The Official News Portal of Independent Television Network Ltd

බලයට කෑදර ලස්සන කතන්දර

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2018 18:17

බලයට කෑදර ලස්සන කතන්දර

පැවැති මජර අවනීතික මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා යහපාලන පාලනය පිහි‍ටුවා ගැනීමට මේ රටේ ජනතාව ගත් තීන්දුව ඉතිහාසයේ නිවැරදිම තීන්දුවක් බව අද රාජපක්ෂලා විසින්ම ඔප්පු කරමින් තිබේ. අද ඔවුන් ඔවුන්ගේම මජරකම් ගැන කතාකරමින් සිටී. බැසිල් රාජපක්ෂ තමන්ගේ පාලන සමය ගැන කතා කරන්නේ එදා සීමාවන් ඉක්මවා කටයුතු කිරීමට සිදුවූ බවත්, ඒ ගැන කණගා‍ටු වන බවත් කියමිනි. ගොඨාභය රාජපක්ෂට එදා මුස්ලිම් ජනතාවට සලකපු හැටි වැරදි යැයි දැන් කල්පනා වෙමින් තිබේ. ඔවුන්ට වන්දි ගෙවීමට නොහැකි වීම ගැන ඔහුට දුක හිතෙන්නටද පටන් ගෙන තිබේ. මහින්ද රාජපක්ෂද අපූරු කතාවක් කියා තිබේ .ඒ එදා රාජපක්ෂලාගේ නියෝග මත ක්‍රියාත්මක වූ පොලීසිය ක‍ටුනායක රොශේන් චානක මරා දමමින් ඒ කම්කරු අරගලය මර්දනය කිරීම ගැනය.

මේ ම්ලෙච්ඡ ප්‍රහාරය නිසා පොලිස්පතිවරයාට තමන් විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බව මහින්ද රාජපක්ෂ පවසයි. අද පාතාලය රජ කරන බවත් ඒ නිසා හරි නම් වත්මන් පොලිස්පති ඉල්ලා අස්විය යුතු බව මහින්දගේ තර්කය ය. මේවා හරි ලස්සන කතන්දරය.. එහෙත් මේ කතන්දර සම්පූර්ණයෙන්ම දන්නා මේ රටේ ජනතාවට මේ කතා තනිකරම දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසා කියන චාටු කතා බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

මහින්ද රාජපක්ෂ හිටපු පොලිස්පති මහින්ද බාලසූරියට ඉල්ලා අස්වන්නැයි කියා තානාපතිකමක් දී රාජතාන්ත්‍රික වරප්‍රසාද භුක්ති විඳින්නට අවස්ථාවක් සලසා දුන් බව දැන් සඟවන්න නොහැකිය.. එදා මිනී මැරීම නිසා මේ වරප්‍රසාද ලබාදුන් බව රාජපක්ෂලා වසන් කරන ඇත්ත කරණය යි. රාජපක්ෂ අයීයා මලෝලා තමන්ගේ ඇත්ත වහගන්න කොහොම උත්සහ ගත්තත් වතුරෙන් උඩට මතුවන රබර් බෝලයක් සේ ඒ උඩටම මතු වෙයි.

අද මහ විශාල පාතාලයක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට රාජපක්ෂලා පට්ටපල් බොරුවක් ගොතන්නේ තමන්ගේ කාලේ දේශපාලන විරුද්ධ මතධාරීන් ම්ලෙච්ඡ ලෙස ඝාතනය කර වූ බව වහ ගන්නටය. තමන් අතේ ගෑවී තිබෙන ලේ පිහ ගන්නටය. අද රාජ්‍ය භිෂණයක් නැත. පාතාලයක් නැත. රාජපක්ෂලා විසින්ම මේ සමාජය ම්ලෙච්ඡත්වයට පත් කිරීමේ විපාක ලෙස තවමත් තැනින් තැන සිදුවන අහඹු සිදුවීම් හැරුණු කොට මේ රටේ අද සංවිධානාත්මක අපරාධ නැත. ඒ යළි හිස ඔසවන්නට ඉඩක් ලබා දී ද නැත. මේ මොහොත වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය රට පුරා දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් නීති විරෝධී ක්‍රියාවන්ට නම ගැවුණු සියල්ලන් කර මුලින් අල්වා ගැනිමට කටයුතු කරමින් ද සිටී..

ඒ වගේම රාජ්‍ය අනුග්‍රහයෙන් පාතාල ක්‍රියාමාර්ගවල නියැලුනු රාජපක්ෂලාට එරෙහිව දැන් විභාග වන නඩු හබ අනුව ඉදිරියේදී රාජපක්ෂලාට සිරකූඩුවල ලැගීමට ද සිදු විය හැකිය. ඒ අනුව රටේ පාතාල නායකයෝ කොහොමටත් නැති බව සහතික කොට කිව හැකිය.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2018 18:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්