කොලොම්බියාවේ ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසිම අද පැවැත්වෙනවා.පසුගිය මැයි 27 වනදා පැවති ජනාධිපතිවරණයෙදී කිසිදු අපේක්ෂකයෙකු ප්රමාණවත් බහුතර බලයක් ලබා ගැනිමට සමත් වුයේ නැහැ.
ඒ හේතුවෙනුයි මෙසේ දෙවන වටයේ ඡන්ද විමසිමක් පැවැත්විමට තීරණය කෙරුණේ. පළමු වටයේ ඡන්ද විමසිමෙන් ජනාධිපති අපේක්ෂක අයිවන් ඩියුක් 39%ක ඡන්ද ප්රතිශතයක් හිමි කර ගත්තා. ඔහුගේ ප්රතිවාදි අපේක්ෂක ගුස්ටාවෝ පේට්රෝට ලබා ගැනිමට හැකි වුණේ 25%ක ඡන්ද ප්රතිශතයක් පමණයි. අද පැවැත්වෙන දෙවන වටයේ ඡන්ද විමසිමෙන් ජනාධිපති අපේක්ෂක අයිවන් ඩියුක්ට ජයහිමිවනු ඇති බවටයි මත පළ වී ඇත්තේ.