Life+News The Official News Portal of Independent Television Network Ltd

ආවතේවකරුවන්ට අමතක භීෂණය රජකළ සමය

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 19:27

ආවතේවකරුවන්ට අමතක භීෂණය රජකළ සමය

මානසිකව පිරිහෙන පුද්ගලයෝ මිනිස්කම් අත්හරිති. මිනිස් සාරධර්ම අත්හළ පුද්ගලයෝ අපරාධකරුවෝ වෙති. අපරාධකරුවෝ නිතරම හිංසනය වපුරති. එවන් මිනිසුන්ගේ මනස යකාගේ කම්මල මෙන් නොසන්සුන්ය. නොසන්සුන් වූ මනසක් හිමිවූවන් අපරාධ වර්ධනය කිරීමට හේතු වන්නේය. මෙය බුදුන්ගේ ධර්මය තුළ කියා දෙන්නක් මිස, අප අලුතින් කියන්නක් නොවේය.

අද රටපුරා කරක්ගසන පන්සල් බොරුකාරයන්ට මේ ඇත්ත ධර්මය නැවත මතක් කර දීමට සිදුව ඇත. මන්ද රාජපක්ෂලාගේ ආවතේවකරුවෙක් ඊයේ පෙරේදා වෙඩි වැඳුණු කිරිවෙහෙරේ හාමුදුරුවන් ගැන නාහෙන් කටින් හොටු පෙරාගෙන කෙඳිරිගානවා දුටු නිසාය. ඒ හිමියන්ට වෙඩි තබා ඇත්තේ පන්සලේම හිටපු කපු මහතකු බව පොලීසිය පවසා තිබියදී මේ ආවතේවකරුවා කිව්වේ එය පාතාලයේ වැඩක් කියාය.  මෙය මහා බිල්ලෙක් මවමින් ජනතාව නොමග යැවීමට දැරූ තක්කඩි උත්සායක් බව කිව යුතුය. එහෙත් එදා රාජපක්ෂ රෙජීමය මිනී මරද්දී, මිනිස්සු අතුරුදන් කරද්දි, සුදුවෑන්වලින් උස්සන් යද්දි දැන් මේ කන්කෙඳිරි ගාන කාටවත් වගක් වුණේ නැත. එදා රාජපක්ෂ වියරුවේ බලහත්කාරයට, යට නොවූ සුබ්‍ර‍නියම් සුගීර්තරාජන්, ලසන්ත වික්‍රමතුංග  ඇතුළු මාධ්‍යවේදීන් දහතුන් දෙනෙකු තැන තැන මරා දාද්දී මේ රාජපක්ෂලාගේ ආවතේවකරුවන්ට වේදනාව දැනුනේ නැත්තේ ඇයි? ඒ වගේම වැලිකඩ හිරගෙදර සිරකරුවන් 27දෙනෙකු අමු අමුවේ මරා දාද්දි, සුප්‍රසිද්ධ රගර් ක්‍රීඩක තාජුඩීන් මහපාරේ මරලා දාද්දි ඔය ආවතේවකරුවන්ට කිසි ගානක් නැති වුණේ ඇයි? කතරගම දෙවියන්ගේ අඩවියේ පාතාලයක් ගැන ඇසුණු කන්කෙඳරිය නිසාම එදා තංගල්ල රාජපක්ෂලාගේ අඩවියේ සිදුවූ පාතාලය ගැන ද  මතක් කළ යුතුමය. භීෂණය රජකරපු රාජපක්ෂලාගේ කාලයේ,  තංගල්ලෙ අධි ආරක්ෂක කලාපයේ කී දෙනෙක් නම් මහ දවාලේ දෙනෝ දාහක් බලා ඉදිද්දී ඝාතනය කළාද?  ඒ කිසිවක් අද මේ හොටුපෙරන ආවතේවකරුවන් නොදැක්කා සේ සිටියේය. එදා දකුණේ පාතාල කෙරුම්කාරයන් වූයේ රාජපක්ෂලාගේ බොඩිගාඩ්ලාය.

නිල්බලකායේ සාමාජිකයන්ය. පල්ලිකුඩාවේ උක්කුවා,  වම්බෝට්ටා, ආමි ජිනේ, ජුලම්පිටියේ අමරෙ හම්බන්තොට පුරා පාතාල මැරකම් කළේ කාගෙ හයියට දැයි අද නහයෙන් අඬන බේගල්කාරයන්ට කියන්නට බැරිය. මොකද මේ රටේ මානව නිදහස කීතු කීතු කරලා, ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම වළදාලා තිබුණු ඒ අඳුරු  අපරාධකාරී  කාලකන්ණි දශකය පුරාම පාතාල  මෙහෙය වූයේ ද රාජපක්ෂලාම නිසාය.

දැනට මේ ඇති සෙස්ස පස්සට

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 19:27
Write a comment

1 Comment

  1. roland ජූනි 17, 01:39

    Oba Liya Ethi Adahas saha karunu Karana Niveradi;Ape Palaka Packshay a Aya Me Adahas Maha Janathava ta Nevata Nevata Nokiyana Eka Thama; Hora Rejimaye Aya Sudano Vela inne?

    Reply to this comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්