Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞද්ගලික රෝහල් වැට් බද්ද ලබන සතියේ ඉවතට

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 17:31

පෞද්ගලික රෝහල් වැට් බද්ද ලබන සතියේ ඉවතට

පෞද්ගලික රෝහල්වලින් අය කරන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. යහපාලන ආණ්ඩුවෙන්  ජනතාවට සහන ලබාදීමේ තවත් අදියරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි මාතර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අයහපත් කාලගුණයෙන් විපතට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට වන්දි මුදල් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.  මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දී පැවති එම උත්සවයේදී 420 දෙනෙකුට ජාතික රක්ෂණභාර අරමුදල යටතේ වන්දි ලබාදීම සිදුවුණා. එහිදී ලබා දුන් මුදල රුපියල් කෝටි 159 ක්. සුනාමි ව්‍යවසනයෙන් නිවාස අහිමි වූ 44 දෙනෙකුට දීමනා හිමිකම් පත්‍ර පිරිනැමීම ද මෙහිදී සිදු වුණා. වන්දි මුදල් ලබාදීමේ දී පසුගිය රජයන් පක්ෂ පාට සැළකිල්ලට ගත් නමුත් වත්මන් රජය කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට වන්දි ලබාදීමට පියවර ගත් බව අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

අමාත්‍ය මංගල සමරවීර,

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර කඩිනමින් වන්දි මුදල් ලබාදීමට කටයුතු කිරීම පිළිබදව ජනතාව මෙසේ අදහස් පළ කළා.

ජනතාව,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 17:31
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්