Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපැල්පතිවරයාගෙන් කාර්ය මණ්ඩලයට ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 13:29

තැපැල්පතිවරයාගෙන් කාර්ය මණ්ඩලයට ඉල්ලීමක්

තැපැල්පති රෝහණ අබේරත්න මහතා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස දැනුම් දෙමින්. තැපැල් සේවකයන්ට පවතින ගැටලුවලට ඉදිරි මාසයක කාලසීමාව තුළ විසදුම් ලබාදීමයි සැලැස්ම. ඒ සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පතිවරයා සදහන් කළා.පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කර ඒ සදහා විසඳුම් ලබාදීමට සූදානම් බවයි ඒ මහතා  වැඩිදුරටත් අවධාරණය කළේ.

බඳවාගැනීම් පටිපාටියේ පවතින ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය සංගම් කිහිපයක් එක්වයි පසුගියදා වැඩ වර්ජනය ආරම්භ කළේ. වෘත්තිය සමිති ඉදිරිපත් කරන ගැටළු සාධාරණ බව පිළිගන්නා අතර ඉදිරි මාසයක කාලසීමාව තුළ සෑම දෙනාටම පිළිගත හැකි සමස්ථ විසදුමකට යාමට කටයුතු කරන බවද  අමාත්‍ය එම් එච් එම් හලීම් මහතා සහ තැපැල්පතිවරයා අවධාරණය කර තිබෙනවා.  තැපැල් සේවකයින්ගේ ගැටළු කඩිනමින් විසදීමට හැකි බැවින් වෘත්තීය ක්‍රියාමාර්ග අතහැර සේවයට වාර්තා කරන ලෙස ද අමාත්‍යවරයා තැපැල් සේවකයින්ට පසුගියදා දැනුම් දුන්නා. එහෙත් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන්  සාමාන්‍ය ජනතාව මේ වන විට දුෂ්කරතාවට පත්ව සිටිනවා.

අවුරුදු 200කට වැඩි කාලයක සිට විශාල සේවාවක් ඉටුකරන  තැපැල් දෙපාර්තමේන්තුවට මෙවැනි වර්ජන හේතුවෙන් සේවා සැපයීමට නොහැකි වුවහොත් එහි අහිතකර ප්‍රතිඵල කාර්ය මණ්ඩලයටද භුක්ති විදීමට සිදුවනවා. වර්තමානයේ තැපැල් සේවාවට සමාන  සමාන්තර සේවා සපයන ආයතනවල තරගකාරී පසුබිම තුළ  තැපැල් දෙපාර්තමේන්තුව ආරක්ෂා කර ගැනීමට නම් තම සේවා ප්‍රශස්ථ ලෙස සිදු කර ගෙන යාම ද අත්‍යවශ්‍ය කරුණක්.

මේ අතර තැපැල් වර්ජනය හේතුවෙන්  තරග විභාග සදහා අදාළ ගාස්තු ගෙවීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අවශ්‍ය පහසුකම් සළසා ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ.

තව කියවන්න  රජයේ විභාග ප්‍රවේශපත්‍ර දැන් SMS මගින්

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 13:29
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්