Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිෆල් කුලුනේ ආරක්ෂාවට වෙඩි නොවදින වීදුරු ආවරණයක්

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 10:32

අයිෆල් කුලුනේ ආරක්ෂාවට වෙඩි නොවදින වීදුරු ආවරණයක්

පැරිසියේ අයිෆල් කුලුනේ ආරක්ෂාව තවදුරටත්  තර කිරිමට පියවර ගෙන ඇති බව එරට වාර්තා සදහන් කරනවා. අයිෆල් කුලුනේ ආරක්ෂාව සදහා උසබිත්ති සහ වෙඩි නොවදින වීදුරු ආවරණයකින් යුත් ආරක්ෂක වැටක් ඉදිකිරිමට  පියවර ගෙන තිබෙනවා. ත්‍රස්ත තර්ජන වලින් ආරක්ෂා වීම එහි අරමුණයි. ආරක්ෂක වැටෙහි ඉදිකිරිම් ලබන මස මැද භාගය වන විට අවසන් කිරිමට නියමිතයි. මේ සදහා යූරෝ මිලියන තිස්පහක පමණ මුදලක් වැය වෙන බවද එරට වාර්තා සදහන් කරනවා. 2015 වසරේ සිට ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් දෙසිය හතලිස් දෙනෙකු  පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 10:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්