අභ්‍යවකාශ ගතවූ අයාලේ ගිය බල්ලෝ
Related Articles
තාරකා විද්‍යාඥයන් හා ගගනගාමින් අභ්‍යවකාශයට යන්නට පෙර ඒ සුවිශේෂ ගමනේ මුල්ම අත්දැකීම ලබාගත්තේ සෝවියට් දේශයේ සුනඛයන් කණ්ඩායමක් බව අභ්‍යවකාශ ක්ෂේත්රයේ ඉතිහාසය සොයා යන කා හට වුවත් දැකගන්න ලැබෙනවා. එහෙත් ඒ ගමන ඒ සුනඛයන්ට කිසිවිටකත් ඓතිහාසික වූයේ හෝ සුවිශේෂ වූයේ නැත. මන්ද ඒ උන්ගේ කිසිවෙකුත් යළි පණපිටින් පෘතුවිතලයට පැමිණීමට අවස්ථාවක් නොලැබුණ නිසාවෙනි.
ලොව ප්‍රථමයෙන්ම අභ්‍යවකාශයට ගිය බැල්ල වූයේ ලයිකා ය. 1975 නොවැම්බර් මස 03 දින කවුළුවක් හෝ නොමැති ස්පුට්කින් 02 අභ්‍යවකාශ යානයේ ලයිකා හිර කරනවිට ඒ ඌ දකින අවසන් අවස්ථාව බව විද්‍යාඥයෝ දන සිටියහ. අභ්‍යවකාශයක් ගුවනට යැවීමට විද්‍යාඥයන් සුදානමින් සිටිය ද ඒ තුළ සිරකර සිටින ගුවනට යවන සුනඛයන් යළි පණපිටින් මහ පොළොවට ගෙන්වා ගන්නේ කෙසේද යන්න කිසිවෙකුත් දැන සිටියේ නැත. ස්පුට්කින් 02 යානයෙන් ලයිකා බැල්ල අභ්‍යවකාශයට යවා ආහාර හා ජලය සිමාකර ඌ ජීවතුන් අතර සිටින්නේ කෙසේ ද යන්න පෙන්වීම පමණක් විද්‍යාඥයන්ගේ අවශ්‍යතාව විය. අවසානයේ මෙසේ අභ්‍යවකාශගත වන සුනඛයන් මිය යන්නේ දැඩි වේදනාවිඳ ය.
කෙසේ වුවද මේ සුනඛයන්ට ලැබෙන එක දෙයක් පමණක් ඇත. ඒ නම් මියගිය පසු ලැබෙන ගෞරවයයි. ලයිකාට ද එසේමය.
සිය අරමුණු ඉටුකර ගැනීමට අභ්‍යවකාශගත කළ ලයිකා අදට ද සෝවියට් දේශයට වීරයකි.
පණ ඇති ජීවියකු පළමුවරට අභ්‍යවකාෂයට යැවූ ආඩම්බරය අදට ද සෝවියට් දේශය සතුය.
ඇමෙරිකාව මේ අභ්‍යවකාශ යුද්දයට පිවිසියේ වඳුරන් හා චිම්පන්සින් වැනි සතුන් ගුවනට යවමිනි. රුසියාව ඉන් වියුක්තව සුනඛයන් අභ්‍යවකාශගත කිරීමට ප්‍රධානම හේතුව වූයේ අනෙකුත් සතුන්ට වඩා සුනඛයන් පහසුවෙන් පුරුදු පුහුණු කළ හැකි බැවිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙසේ අභ්‍යවකාශගත කළ සුනඛයන් බහුතරය අයාලේ යන සුනඛයන් වීමයි.
මහා පාරෙන් අල්ලා ගන්නා සුනඛයන්ට වසර තුනක් යනතුරු බොහෝ සැලකිළි ලබාදෙන අතර, අභ්‍යවකාශ වැඩසටහනට සම්බන්ධ කරගැනීම සඳහා නිරෝගී සුනඛයකු අවශ්‍ය බැවින් කිසිවෙකුටත් හිරිහැර හෝ වදවේදනාදීමක් සිදු නොකරයි. විද්‍යාඥයන්ගේ නිරීක්ෂණය නිසි ලෙස සිදුවන අතර, වෙනම කූඩුවක ජීවත්වීමට ඉඩ සලසයි. ගුවන්යානාවල පුහුණුව ද ලබාදෙන මේ සතුන්ට සුවිශේෂී නමක් ද දෙනු ලබයි.වසර 03ක් සම්පුර්ණ වූ පසු මේ සුනඛයන් ගුවන් මෙහෙයුමට සුදානම්ය.
බෙල්කා හා ස්ට්‍රෙල්කා මෙලෙස පුහුණුව ලැබූ අයාලේ ගිය සුනඛයන් වේ. 1960 අගෝස්තු 19 දින ඔවුන් කක්ෂය වෙත යවනු ලැබුවේ තවත් මීයන් දෙදෙනකු, හාවකු, මැස්සන් හා ශාක වර්ග කිහිපයක් ද සමගිනි. බෙල්කා හා ස්ට්‍රෙල්කා ගේ අභ්‍යවකාශ ගමන ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරන්නක් විය. ඒ උන් දෙදෙනා පණපිටින් පෘතුවියට පැමිණීමත් සමගිනි.
පෘතුවියට පැමිණ පැය කීපයක් ගත වීමෙන් පසු බෙල්කා හා ස්ට්‍රෙල්කා නම් ලොව ජනප්‍රියම පුද්ගලයන්ගේ නාමාවලිය අතරට එක් විය. පුවත්පත්වල කවර උන්ගේ රුවින් සැරසුන අතර, රුපවාහිනී නලිකාවල ප්‍රධාන පුවත් උන් වෙනුවෙන් වෙන් කර තිබුණි.
හරියටම ඉන් සතියකට පෙර බෙල්කා හා ස්ට්රෙල්කාට තවත් වාසනාවක් පෑදුණේය. රුසියානු විදේශ ගමන් බලපත්‍රය කරේ පැළඳගත් දෙදෙනා ධවල මන්දිරයේ පෙනී සිටියහ. දෙදෙනාගේ රුව යෙදුනු මුද්දර, තැපැල්පත් නිර්මාණය විය. මෙසේ බෙල්කා හා ස්ට්‍රෙල්කා ලෝක වීරයන් බවට පත්විය.
ඉන් පසු කාලය වෙනස්ම දිශාවකට යොමු විය. ඒ 1961 ජුනි මාසය වන විට අභ්‍යවකාශගත වූ ප්‍රථම මිනිසා ලෙස යූරි ගගාරින් ඉතිහාසයට වූ පසුවය.ඉන් පසුව සුනඛයන් අභ්‍යවකාශගත කළ ප්‍රකට කතා හඳුනාගන්නට නොහැකි වන නමුත් බෙල්කා හා ස්ට්රෙල්කාගේ පරම්පරාවෙන් පැවත එන සුනඛයන් ලොව කොහේ හෝ තැනක අදද සිටිය හැකිය.
-ශානිකා රත්නායක-
(Cover image – ‘Under dog’ movie)
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment