උතුරු මැද පළාතේ ග්රාමීය පාසල්වල සිසු දරුවන්ගේ ක්රීඩා කුසලතා ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්රියාත්මකයි. මෙම වැඩසටහන යටතේ ග්රාමීය පාසල්වලට ක්රීඩා උපකරණ ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්රියාත්මකයි. මිහින්තලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් රැසකට මේ අයුරින් ක්රීඩා භාණ්ඩ ලබාදීම සිදුවුණේ මිහින්තලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක සංජීව සෙනවිරත්න මහතාගේ ප්රධානත්වයෙන්. පළාතේ සියලු ග්රාමීය පාසල්වලට මේ අයුරින් ක්රීඩා උපකරණ ලබාදීමට සැළසුම්කර තිබෙනවා.