ඉන්දීය නිදහස් අරගලයේ නියමුවා වූ මහත්මා ගාන්ධිතුමන්ගේ අත්සන සහිත දුර්ලබ තැපැල්පතක් ඇමෙරිකාවේ දී ඇමෙරිකා ඩොලර් 20233 කට අලෙවි වී තිබෙනවා. එය ඉන්දීය මුදලින් රුපියල් ලක්ෂ 13 කට ආසන්නයි.
1924 වසරේ නොවැම්බර් 30 වනදා ගාන්ධිතුමන් මෙම තැපැල්පතට අත්සන තබා තිබෙනවා. එය යොමුකර ඇත්තේ අයර්ලන්ත සම්භවයක් සහිත ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ කාන්තා ඓතිවාසිකම් පිළිබද හඬ නැගූ ඇනී බෙසන්ට් හටයි. තැපැල්පතේ සදහන් කර ඇත්තේ ගාන්ධිතුමන්ගේ පුත් දේව්දාස් ගාන්ධිගේ සවිස්තරාත්මක චාරිකා පිළිබඳ සැලසුමයි.