වසර 13 ක සහතික කළ අධ්‍යාපන වැඩසටහන් සදහා සහය ලබා දීමට ෆින්ලන්ත රජය කැමැත්ත පළකළා. ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් එරට නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝස් මහතා සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර පැවැත්වුණා. අධ්‍යාපන ක්ෂේත්රය දියුණු කිරිමට අදාල පියවර සහ සැලසුම් පිළිබදව මෙම හමුවේදිි අවධානය යොමුව තිබෙනවා. තාක්ෂණික, වෘත්තිය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු විෂය ක්ෂේත්‍ර දියුණු කිරිම සදහා ෆින්ලන්ත රජයේ සහය ඉදිරියේදි හිමිවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.