ඌරගස් මංහන්දිය ප්‍රදේශයේ දි කාන්තාවක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යටගල විදුහල අසල වැටී සිටි කාන්තාවක් බලපිටිය රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇති බවට ඌරගස් මංහන්දිය පොලිසියට ලැබුණු තොරතුරක් මතයි විමර්ශන සිදුකළේ. එය මනුෂ්‍ය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තොරතුරු භෙලිව තිබෙනවා. තුවාලකාරිය රෝහලට රැගෙන ආ වෑන් රථය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබු බවට තොරතුරු හෙළිව තිබෙනවා. සැකකරු පොලිසියට පවසා ඇත්තේදෙ දෙනා අතර ඇතිවු බහින්බස් විමක් හේතුවෙන් ඝාතනය සිදුකළ බවයි. ඔහු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිරකණයට අද(15/06) ඉදිරිපත් කරනවා.