තුර්කියේ පූර්ව මැතිවරණ ප්රචණ්ඩ කි‍්‍රයා වැඩිවී තිබෙනවා. දකුණුදිග තුර්කිය ආශි‍්‍රතව ප්‍රබල සිද්ධීන් රැසක්ම වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නෙ. ගැටුම් වලින් තුන් දෙනෙකු මියගියා. තුවාල ලැබු ගණන අටක්. ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් දෙවන ධුර කාලය සදහා තරඟ කරන මැතිවරණය ලබන 24 වනදා පැවැත්වෙනවා. ප්‍රතිවිරුද්ධ ජනාධිපතිවරණ අපේක්ෂක සෙලාහැටින් ඩෙමිල්ටස් 2016 වසරේ සිට තවමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි තුර්කි වාර්තා සදහන් කළේ. සිද්ධීන් කිහිපයක් වාර්තා වීමත් සමඟ ආරක්ෂාව තර කිරිමට තුර්කි ආරක්ෂක අංශ පියවර ගත්තා. මෙතෙක් සිදුකළ මෙභෙයුම් වලදී දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/5b22995a66be5d14d8b8db3f.jpg”]