Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙස් මුහුණුකාරයින්ගේ ඉල්ලීම

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 19:47

වෙස් මුහුණුකාරයින්ගේ ඉල්ලීම

මිනිසා සතුන්ගෙන් වෙන්වීමේ මුලික ලක්ෂණ අතර සෞන්දර්යය භුක්ති විඳීමද ඇතුළත්ය. ගණ ගෝත්‍ර යුගයේ පටන් කලාව ශිෂ්ටාචාරය සමඟ ඉදිරියට ආවේද මිනිසා සතු ඒ ගුණ ලක්ෂණය නිසාය. සියල්ල තුට්ටු දෙකට විකිණෙන මේ කාලයේදී පවා මිනිසුන්ගේ කවර ගුණය නැතිව ගියත් කලාවට ඇති ලැදියාව නැතිව ගියේ නැත.

විනෝදාස්වාද කර්මාන්තයක් බවට පත්වන විට කලාව මුදල් උපයන මාධ්‍යයක් බවට පත්වුයේය. මේ වන විටත් විවාදයට ලක්ව තිබෙන කළාකරුවන්ගෙන් බදු අයකරගැනීම ගැන කතාව ඇරඹෙන්නේ මේ නිසාය.ඒ ලාභ උපයන තැනින් සෘජුව බදු අයකර ගැනීමේ ප්‍රතිපත්තිය මතය. ඒ හැර කලාව කෙළසීමේ චේතනාවක් මෙතැන නැත.නමුත් මේ තත්ත්වය වෙනස් කිරීමේ අභිලාෂයෙන් වත්මන් ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.ඒ 20%ක්ව පවතින සෘජු බදු 40% දක්වා වැඩිකර 80%ක් වන වක්‍ර බදු 60% දක්වා අඩුකරන්නටය.

එය එසේ වුවද ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට යද්දී සාධාරණ මෙන්ම ආසාධාරණ වූ විරෝධතා ද එල්ල විය. ඒ නිසා ආණ්ඩුව මහජනතාව ගැන සිතා ප්‍රතිපත්තිමය තීන්දුවේ ඇතැම් සංශෝධන පවා සිදුකරන්නට තීරණය කළේය.සංශෝධනය කළ බදු පනතේ කරුණු අතර ටෙලි නාට්‍ය බද්ද සහ ළමා ඉතුරුම්වල රඳවාගැනීමේ බද්ද ද ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නේය.

මෙවන් කාර්යයක් එක් රැයකින් ඉටු කළ නොහැකි බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට තිබෙන බවත් අමුතුවෙන් කිව යුතු නැත. ඊට යම් කාලයක් ගතවන බවත් අමුතුවෙන් කිව යුතු නැත.එසේ තිබිය දී අද ලංකාදීප පුවත් පතේ අපූරු පුවතක් පළවී ඇත්තේය. ඒ ” බොරු රංගන නවත්වා පනත් වෙනස් කර ටෙලි නාට්‍ය බද්ද ඉවත් කරන්න “ කියා නිදහස් කලා සන්ධානය නමින් සුදත් රෝහණය යන අය විසින් ඉල්ලා තිබීමය.

ඒ නිසාම රට හමුවේ බොරු බිල්ලන් මවමින් බොරු රංගනය කරන්නේ කවුද යන්න හුදීජන පහන් සංවේගය පිණිසම අනාවරණය කරන්නට අපට සිදුව ඇත.ජනතා සිතුම් පැතුම් සඵල කිරීම වෙනුවෙන් කටයුතු කරන වත්මන් ආණ්ඩුව පසුගිය රාජපක්ෂ කාලයේ මෙන් ඉල්ලීම් ඉල්ලන මිනිසුන්ට උණ්ඩයෙන් පිළිතුරු දෙන්නේ නැත.

ඒ නිසාම මේ ආණ්ඩුවට වෙස් මුහුණු බැඳගන්නවත්, බොරු රඟපෑම් කරන්නවත් අවශ්‍ය වන්නේ නැත.එහෙත් ප්‍රශ්නය ඇත්තේ වෙස් මුහුණු නැතුව පාරේ යන්න බැරි තක්කඩියන් ජනතාව අන්දන එක ගැනය.

බරපතළ වංචා දූෂණ සම්බන්ධ ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ එක් විමර්ශනයක් මෙසේ ය. ඒ විමල් වීරවංශගේ නීතිවිරෝධී අඩු තක්සේරුවකට නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ලබාදීගැනීම සම්බන්ධවය. අදාළ චෝනාවට 13වන වගඋත්තරකරුගේ නම ද සුදත් රෝහණය. කලින් කී සුදත් සහ මේ සුදත් දෙදෙනෙකු නොව එක්කෙනෙකුය.

ඇත්ත එසේ හෙයින් නිදහස් කලා සන්ධාන නමින් පෙට්ටි කඩ අටවා ගෙන ව්‍යාජ රංගනවල යෙදෙන්නේ කවුද යන්න තීරණය කිරීම ඔබ සතුය.

දැනට මේ ඇති සෙස්ස පස්සට,

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 19:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්