Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප් සහ කිම් සිංගප්පූරුව තෝරාගත්තේ ඇයි? ධවල මන්දිරය හෙළිකරයි

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 18:21

ට්‍රම්ප් සහ කිම් සිංගප්පූරුව තෝරාගත්තේ ඇයි? ධවල මන්දිරය හෙළිකරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර හමුව නගර රාජ්‍යයක් වන සිංගප්පූරුවේදී පැවැත්වීම පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. සිංගප්පූරුවම තෝරාගත්තේ ඇයි? මේ නායකයින් දෙදෙනා එකිනෙකාට ඇති භය නිසාද? නැත්නම් ආරක්ෂාව ගැන හිතලද? ආරක්ෂාව ලබා දෙන්නට තරම් සිංගප්පූරුවට ඇති ශක්තිය කුමක්ද?

උතුරු කොරියාව සමඟ පැවැත්වූ සමුළුව පැවැත්වීමට සිංගප්පූරුව තෝරා ගත්තේ ඇයිද යන්න ධවල මන්දිරය පැහැදිලි කර තිබෙනවා.එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර හමුව ජූනි 12 වන දින සිංගප්පූරුවේදී සිදුවුණා.

සත්කාරකත්වයට නගර රාජ්‍යයට ආරාධනා

ඓතිහාසික හමුවේ සත්කාරකත්වය ලබා ගැනීමට සිංගප්පූරුවට ආරාධනා කර තිබුණා. මෙයට ප්‍රධාන හේතුව එක්සත් ජනපදයේ සහ උතුරු කොරියාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති රටවල් කිහිපය අතරින් සිංගප්පූරුව ප්‍රමුඛ පෙළේ රාජ්‍යයක් වීම බව ධවල මන්දිරය පවසා තිබෙනවා. ඒ නිසා ස්විට්සර්ලන්තය, මොන්ගෝලියාව, උතුරු හා දකුණු කොරියාව යන රටවල් මේ සඳහා ඉදිරිපත් වුවත් පසුව සිංගප්පූරුව තෝරාගත් බවයි ධවල මන්දිරය කියා සිටියේ.

පළපුරුදු සත්කාරක රජ්‍යයක්

මිලියන 5.6 ජනතාව ජනතාවක් වෙසෙන සිංගප්පූරු නගර රාජ්‍යය, ලොව පුරා ඉහළ පෙළේ නිලධාරීන් සම්බන්ධ වන ප්‍රධාන සමුළුවක් සඳහා පළපුරුදු සත්කාරක රජ්‍යයක් ලෙස ඔවුන් නම් කර තිබෙනවා. 2015 දී චීන ජනාධිපති ෂි ජින්පින්ග් (Xi Jinping) සහ හිටපු තායිවාන ජනාධිපති මා යින් ජොයූ (Ma Ying-jeou) අතර හමුව සඳහාද තොරාගත් මධ්‍යස්ථානය වූයේ සිංගප්පූරුවයි.

සිංගප්පූරුව විදේශ කටයුතු ඇමති විවියන් බාලක්‍රිෂ්නන්, වොෂිංටනයේ චාරිකාවක නිරතව සිටින අතරතුර මෙසේ පවසා තිබුණා.

“ඇමරිකානුවන් මුලින්ම පැමිණියේ අප වෙතයි. පසුව උතුරු කොරියානුවොත් අප වෙත පැමිණියා. මෙය සිංගප්පූරු වැසියන්ට ආඩම්බර විය හැකි කරුණක් බව මම සිතනවා. මක්නිසාදයත්, අපි මධ්‍යස්ථ, විශ්වාසවන්ත සහ ආරක්ෂාව අතින්ද ඉහළින් සිටින බව ඔවුන් දන්නා නිසා.”

පෙළපාලි සඳහා දැඩි නීති

සිංගප්පූරුව මහජන පෙළපාලි සීමා කිරීම සඳහා දැඩි නීති පනවා තිබෙන රටක්. රැස්වීම් පැවැත්වීම සඳහා පොලිස් බලපත්‍රයක් ලබාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වනවා. අවසර පත්‍රයක් නොමැතිව පෙළපාලි පැවැත්විය හැකි එකම ස්ථානය සිංගප්පූරුවේ ස්පීකර්ස් කෝනර් ලෙස හැඳින්වෙන උද්‍යානය පමණයි. නමුත් වෙනත් සීමාවන් ඊට අදාළ වෙනවා. එහෙත් විදේශිකයින් සහභාගී නොවිය යුතුයි.

සිංගප්පූරුවේ ආරක්ෂක හැකියාවන් තර්කානුකූල තේරීමක් බවට පත් කරමින්, ඇමෙරිකා විදේශ සබඳතා පිළිබඳ කවුන්සිලයේ අග්නිදිග ආසියාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ජෝශියා කුර්ලන්ට්සික් මෙසේ පවසා තිබෙනවා.

“නගර රජ්‍යයේ රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායම, ආරක්ෂක හා බුද්ධි අංශ සාමාජිකයින් ලෝකයේ බෙහෙවින් ගෞරවාදරයට ලක් කර ඇති අතර, කිසිදු සැලකිය යුතු ආරක්ෂක හෝ බුද්ධි මංකොල්ලයකට ඉඩ නොදී සමුලුවක් පැවැත්විය හැකි බව නැවත නැවතත් පෙන්වා දෙන්න පුළුවන්” ඔහු පැවසීය.

– ප්‍රභාත් දිසානායක (CNBC ඇමෙරිකා පුවත් ඇසුරින්)

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 18:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්