Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර් දියවීම වේගවත් වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 12:43

ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර් දියවීම වේගවත් වෙයි

ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර් දියවීම වේගවත් වී තිබෙනවා. චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු වී ඇත්තේ වසරකට ටොන් බිලියන 200 ක ග්ලැසියර් ප්‍රමාණයක් දිය වී සාගරයට එකතු වන බවයි.

මේ හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටම වසරකට මිලිමීටර් 0.6කින් ඉහළ යමින් පවතිනවා. 2012 වසරේ සිට මේ දක්වා ග්ලැසියර් දියවීම තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා තහවුරු කරනවා. මිහිතලය අධික ලෙස උණුසුම්වීම මීට හේතුවයි. ලෝකයේ විශාලතම ග්ලැසියර් තට්ටුව පිහිටා ඇත්තේ ඇන්ටාක්ටිකාවේයි. පසුගිය වසර විසිපහක කාලය තුළ ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර් ටොන් ට්‍රිලියන තුනක් දිය වී සාගරයට එකතු වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 12:43
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්