Life+News The Official News Portal of Independent Television Network Ltd

ඥානසාර හිමිට බරපතල වැඩ සහිත සිරදඬුවම්

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 12:00

ඥානසාර හිමිට බරපතල වැඩ සහිත සිරදඬුවම්

UPDATE : අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳට අධිකරණයේ දී බැන වැදීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දඩුවම් නියම කිරීම හෝමාගම මහොස්ත්‍රාත් අධිකරණයේදී අද සිදුකෙරුණා. ඒ අනුව ඥානසාර ස්වාමීන් වහන්සේ වරදකරු වූ චෝදනා දෙකට මාස හය බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමකර එය මාස හයකින් එකවර ගෙවීයන සේ දඩුවම් නියම කෙරුණා. මේ වන විට  රටේ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ සියලු දෙනාට නීතියේ සාධාරණත්වය ඉටුවන බවට තහවුරු වූ තවත් අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බව බොහෝ දෙනා පවසනවා.

2016 ජනවාරි 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී බැනවැදීමේ සිද්ධියට අදාලව  උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කළා. මෙම නියෝගය නිකුත් කළේ ඥානසාර ස්වාමීන්වහන්සේ අධිකරණ සංකීර්ණය තුළ මෙලෙස බැන තර්ජනය කරමින් උසාවියට අපහාස වන අයුරින් හැසිරුන බවට පැමිණිල්ලේ නීතීඥයින් කළ දැනුම් දීමකට අනුවයි. සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ද බැනවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට පැමිණිලිකර තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඥානසාර ස්වාමීන්වහන්සේ ඊට වැරදිකරු බවට පසුගිය මැයි 24 වනදා අධිකරණය තීන්දු කළා. දඩුවම් නියම කිරීම අද දිනට කල් තැබුනා. ඒ අනුව අද දින අදාළ තීරණය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා උන් වහන්සේගේ ඇගිලි සලකුණු ලබා ගන්නා ලෙසද දැනුම් දුන්නා.

අධිකරණයට අපහාස කිරීම, සාක්ෂිකරුවන්ට බැන වැදීම, ඒ තුළින් සාක්ෂිකරුවන් මානසික පීඩාවට පත් කිරීම යන චෝදනා ඥානසාර ස්වාමීන්වහන්සේට එල්ල වී තිබුණා. ඉන් චෝදනා 2කට වැරදිකරු කරමිනුයි දඩුවම් නියම කෙරුණේ. ඒ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 486 සහ 346 යන වගන්තිවලට අනුවයි. මාස 6 බැගින් එකවර ගෙවී යන පිරිදි බලපැවැත්වෙන බරපතල වැඩ සහිත සිරදඩුවම් මෙහිදී නියම කෙරුණා. එක් චෝදනාවක් සඳහා රුපියල් 1500 බැගින් රුපියල් 3000ක දඩ නියම කළ මහේස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් සිර දඩුවම මාසයකින් දීර්ඝ කරන බව ද ප්‍රකාශ කළා. සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එය ක්‍රියාත්මක නොකරන්නේ නම් සිර දඩුවම් තවත් මාස තුනකින් දීර්ඝ කරන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

සන්ධ්‍යා එක්නැළිගොඩ,

මහේස්ත්‍රාත්වරයා තීන්දුව ලබා දීමත් සමග අධිකරණයේ ප්‍රකාශයක් සිදු කිරීමට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ඉල්ලීමක්කර තිබෙනවා. ඊට මහේස්ත්‍රාත්වරයා අවසර නොදීම හේතුවෙන් ඥානසාර ස්වාමීන්වහන්සේ උස් හඬින් අදහස් ප්‍රකාශ කළා. එහිදී දැඩි ලෙස අවවාද කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම තීන්දුවෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බවයි. කිසිදු පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් කඩ කරමින් හැසිරීමට නොහැකි බවට මෙම අධිකරණ තීන්දුවෙන් යළිත් ඔප්පු වන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කළා.

නීතීඥවරයා,

හෝමාගම මහේස්ත්‍රාත් සංකීර්ණය අවට අද දිනයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා. ඥානසාර ස්වාමීන්වහන්සේට අදාල තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අධිකරණ සංකීර්ණය අවට ඊට විරෝධය දක්වමින් පිරිසක් හැසිරුණු ආකාරය ද දැක ගත හැකි වුණා.

ඥානසාර හිමි ගැන තීන්දුව අද

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ බිරිඳට බැන තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට දඩුවම් නියම කිරීම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද සිදු කිරීමට නියමිතයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි ඥානසාර හිමියන් මෙම චෝදනාවන්ට වරදකරු බවට තීරණය කෙරුණේ. ඒ අනුව දඩුවම් නියම කිරීම අද දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඥානසාර හිමියන් මේ වන විට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටිනවා. අධිකරණය අවට විශේෂ ආරක්ෂක විධි විධාන සළසා ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 12:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්