පලස්තීන ජාතිකයන්ට ඊශ්රායලයෙන් එල්ලවන ප්රහාර නතර කළ යුතු බව ජගත් සංවිධානය ප්රකාශ කළා. පසුගිය දිනවලදී ගාසා තීරයේ එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. සිවිල් වැසියන් පිරිසක් මියගොස් තිබෙනවා. මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමට එය ප්රධාන හේතුවක්. ඊශ්රායල ක්රියාකාරකම් පිලිබඳව සාකච්ඡා කළ යුතු බවයි ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් ප්රකාශ කළේ.