Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට සියලු විධිවිධාන යොදන ලෙස ජාතික ආර්ථික සභාවට ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 10:20

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට සියලු විධිවිධාන යොදන ලෙස ජාතික ආර්ථික සභාවට ජනපතිගෙන් උපදෙස්

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරමින් රටේ ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම රාජ්‍ය ප‍්‍රතිපත්තිය බැවින් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු විධිවිධාන යොදන ලෙස ජනාධිපතිතුමා ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙයි.රටේ ජාතික ආර්ථිකය ශක්තිමක් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට පත්කෙරුණු ජාතික ආර්ථික සභාව 12 වන වරටත් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් දුන්නේය.

දේශීය කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ප‍්‍රධාන ගැටලු 06 ක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර ආර්ථික කළමනාකරණයේ දී රටට අවශ්‍ය ව ඇති කඩිනම් වෙනස්කම් හා ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක‍්‍රියාත්මක කළ යුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන ව්‍යාපෘතීන් පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

ආනයනික සෙරමික් සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ සෙස් බද්ද ඉවත්කිරීම හේතුවෙන් ආනයනය කෙරෙන එම භාණ්ඩවල මිළ සමග දේශීය නිෂ්පාදකයාට තරග කළ නොහැකි වීමෙන් එම කර්මාන්ත කඩා වැටීමේ ඇති අවධානම පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව පෙර පැවති සෙස් බද්දේ අගයට සමාන අගයකින් රේගු ආනයන බද්දක් පැනවීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.දේශීය කර්මාන්තකරුවන් සඳහා සහන පොලී අනුපාත යටතේ බැංකු ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් එම ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යාමේ ඇති අසීරුතා පිළිබඳව ද අවධානය යොමු විය.

දේශීය කර්මාන්තකරුවන්ට සහනදායී පොලී යටතේ ණය පහසුකම් ලබාදීමට රාජ්‍ය බැංකුවලට විශාල වගකීමක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, ලාභය උපරිම කර ගැනීමට උත්සාහ නොකර රටේ දේශීය නිෂ්පාදකයින් දිරිගැන්වීම මගින් රටේ සංවර්ධන ක‍්‍රියාවලියට දායක වීමට රාජ්‍ය බැංකු අවධානය යොමු කළ යුතු බව සඳහන් කළේය.ඒ වෙනුවෙන් ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් දේශීය කර්මාන්තකරුවන්ට හා ග‍්‍රාමීය ආර්ථිකයට ණය පහසුකම් ලබාදීම වැඩිකළ යුතු බව ප‍්‍රකාශ වූ අතර ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප‍්‍රාග්ධනය ශක්තිමත් කිරීම තුළින් එම අරමුණ ඉටුකර ගැනීමට කටයුතු කළ යුතු බව ජාතික ආර්ථික සභාවේ තීරණය විය.

මාර්ගස්ථ මගී ප‍්‍රවාහන සේවයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම උදෙසා ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇති සහසර ව්‍යපෘතියේ වැදගත්කම සහ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහයෝගයෙන් එම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීමට ද මෙහිදී තීරණය විය.වෛද්‍ය වෘත්තීකයින්ට පනවා ඇති බදු නිදහස් කිරීමට ඇති හැකියාව සොයා බැලීම පිළිබදව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

ජාතික ආර්ථික සභාව විසින් අනුමත කොට ඇති ජාතික ආර්ථික වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය සැලසුම් සකස්කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් දැනුම්වත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට සම්මන්ත‍්‍රණයක් මෙම මස 28 වන දින ශ‍්‍රී ලංකා මහබැංකු පරිශ‍්‍රයේ පැවත්වීමට ද යෝජනා වී ඇති බව ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මෙහිදී ප‍්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, මලික් සමරවික‍්‍රම, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, අර්ජුන රණතුංග, රිෂාද් බදුර්දීන්, පාඨලී චම්පික රණවක. කබීර් හෂීම්. සරත් අමුණුගම, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අශෝක අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එච්. එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පාලක මණ්ඩල සාමාජිකයින් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 10:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar166.78170.65
USA
Pound218.77226.12
UK
Euro194.98202.05
EU
Yen1.461.52
Japan
Yuan23.9825.15
China
Dollar120.18125.40
Australia
CountryCurrencyRate
Dinar447.93
Dinar557.70
Riyal438.68
Riyal46.37
Riyal45.02
Dirham45.97