2020 වසර වන විට උතුරු කොරියාවේ විශාල නිරායුධකරණයක් බලාපොරොත්තු වන බව ඇමෙරිකාවේ රාජ්ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.ඔහු දින දෙකක සංචාරයක් සඳහා දකුණු කොරියාවට මේ වන විට ගොස් තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සහ උතුරු කොරියානු නායකයාගේ හමුව සම්බන්ධයෙන් අදහස් දක්නමින් ඔහු මේ බව ප්රකාශ කළා. දෙරටේ නායකයින් අතර අත්සන් කළ ගිවිසුමට අනුව මෙය සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ඇමෙරිකා සහ උතුරු කොරියා නායකයන්ගේ සාකච්ඡාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් ක්රියාත්මක වන ආකාරය සොයා බැලීම සඳහා පොම්පියෝ දකුණු කොරියාවට ගොස් තිබෙනවා.