Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 09:40

ජනපති මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) දහවලෙහි පුත්තලම දිස්තික්කයේ මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.මොහොට්ටුවාරම සිංහල මහා විද්‍යාලයේ දී ගොවි ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලු පිළිබදව ද අවධානය යොමු කළේය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මොහොට්ටුවාරම ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය සුමල් තිසේරා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 09:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්