Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාමික හමුදා ලොක්කන් මේ කියන්නේ කුමක්ද?

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 20:30

විශ්‍රාමික හමුදා ලොක්කන් මේ කියන්නේ කුමක්ද?

2014 වසරේ බේරුවල, අලුත්ගම ප්‍රදේශවල සිදුකළ ජාතිවාදී ප්‍රහාරයෙන් විනාශයට පත්වූ දේපළ සඳහා විශේෂ වන්දි ප්‍රදානයක් සිදුකිරීම සඳහා වන කැබිනට් යෝජනාවකට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව  සිදුවූ මහජන කැලඹීම් හේතුවෙන් හානි වූ දේපළ සඳහා පවතින රෙගුලාසි යටතේ ලබා දිය හැකි උපරිම වන්දි මුදල් ලබා දීම රජයේ අපේක්ෂාවය. ඒ වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල  රුපියල් මිලියන 185.9 කි.

ඒ කියන්නේ අහස උසට ගොඩගැසූ ණය කන්ද සේම රාජපක්ෂ පවුල් පාලනයේ තවත් පව් කඳුවලට කර ගසන්නට මේ ආණ්ඩුවට සිදුව ඇති බවය. හරියටම කියනවා නම් මේ රාජපක්ෂලාගේ පවුල් පාලනය සිදුකළ මහා  ජාතික අපරාධවලින් එකක් පමණය.

රාජපක්ෂලා මෙරට මහා භාණ්ඩාගාරය ඇතුළු රාජ්‍ය දේපළ පමණක් නොව ජාතික සමඟියද අමු අමුවේ කොල්ලකමින් සිදුකළේ අන් කිසිවක් සඳහා නොවේය. දන්නා තරම් පද කස්තිරම් අල්ලා මේ ජාතික අපරාධ කළේ රාජපක්ෂලා ලංකාවේ සදාකාලික පාලකයෝ වෙන්න සිතාය. එහෙත් අවාසනාවක තරම වන්නේ පරාජිත රාජපක්ෂලාගේ ඒ මිලේච්ඡ බල තණ්හාව තවමත් සුවවී නොමැති වීමය. ඒ නිසාම ඉෆ්තාර් දිනයට බේරුවල යන ගෝඨාභය රාජපක්ෂට මතක මුස්ලීම් ජනතාව සමඟ හොඳ සම්බන්ධයක් තබා ගැනීමට නොහැකිවීම පමණය.

ඒ හැර ජාතිකත්ව පදනමින් එල්ල කළ මිලේච්ඡ ප්‍රහාර ඔහුට මතක නැත. ආගම ජාතිය කුමක් වූවත් මිනිසුන්ගේ පැළුණු ඔළු ගෙඩි, කැඩුණු අතපය, ගලාගිය රක්ත වර්ණ රුධිරය ගැනත් ලේකම් මල්ලිට මෙන්ම ජනාධිපති අයියටත් මතක නැති ගානය. ඒ නිසාම සිදුවූ දේපළ හානිය ගැනද වගේ වගක් නැත්තේය.

ඔවුන්ට අදාළ පුතාලා රජකරවා ගෙන රාජකීය පවුල් පාලනයක් බිහිකිරීම වෙනුවෙන් යළිත් බලය අල්ලා ගන්නේ කොහොමද යන්න පමණය. ඒ වෙනුවෙන් ඕනෑම අඩව්වක් අල්ලන්න රාජපක්ෂලා සූදානම්ය. අඩුම තරමේ එදා රාජපක්ෂ රෙජිමය සිදුකළ ජාතික අපරාධ ගැන සමාව ගැනීමට තරම්වත් සිහියක් රාජපක්ෂලාට නැත්තේද එ්නිසාය.

ඒ හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය, ආර්ථික සංවර්ධනය ගැන රාජපක්ෂලා කියන මේ කතා සියල්ල බලයට කුරුමානං අල්ලන්නට ජනතාව නොමඟ යවන්න කරන බොරු කතා බව තේරුම් ගන්නට අමුතු විද්‍යාවක් අවශ්‍ය නැත.

ඒ ගැන යළි යළිත් තහවුරු කිරීම් සිදුකරන්නේ අප නොව අදටත් රාජපක්ෂලා සමඟ දේශපාලනය කරන විශ්‍රාමික හමුදා ලොක්කන්ය.

එක් පසෙකින් මේ ආණ්ඩුව රාජපක්ෂලා අහිංසක ජනතාවටත් පොදුවේ සමස්ථ රටටත්  සිදුකළ ජාතික අපරාධ වෙනුවෙන් අදටත් වන්දි ගෙවන විට ඔවුන්ගේ උපදේශකයන් ලෙස කටයුතු කරන විශ්‍රාමික හමුදා ලොක්කන් මේ කියන්නේ කුමක්ද?

රාජපක්ෂ පාලන සමයේ නඩු ඇසුවේ අධිකරණයේ නොව මාලිඟයේය. තීන්දුව ලිව්වේ විනිසුරුවරුන් නොව රජවාසලේ සැඟවී සිටි අපරාධකරුවන්මය. ඒ අනුව දැන් මේ කියන්නෙත් රාජපක්ෂලාගේ දුෂ්ට අපරාධවලට ගොදුරුවූ පුරවැසියන් මෙන්ම ඔවුන්ට යුක්තිය ඉටුකරන අයවත් අනාගතයේ දී පුරුදු පරිදි මිනී කනත්තට දක්කනවා කියාය.

දැනට මේ ඇති සෙස්ස පස්සට….

– තත්පර 180

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 20:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්