Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු වෙනුවෙන් කමිටුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 19:25

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු වෙනුවෙන් කමිටුවක්

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මඩකලපුව ප්‍රදේශයේ පසුගියදා පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර පලාත් සංවර්ධනය සඳහා මහජන නියෝජිතයන් හා රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත් කරන බවයි. ඒ අනුව පත් කළ මෙම කමිටුව සාමාජිකයින් හතළිස් අට දෙනෙකුගෙන් සමන්විත වනවා.

එහි සභාපතිත්වය දරන්නේ ජාතික ඒකාබද්ධතා සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ලේකම් වයි සිවඥානසෝති මහතායි. උතුරු හා නැගෙනහිර පළාත්වල ආරම්භ කොට ඇති සංවර්ධන කටයුතු අධීක්ෂණය, ඒවා පත්වාගෙන යාම, දිරිදීම, නව සංවර්ධන කටයුතු හඳුනා ගැනීම,පළාත් සභාව එක්ව සංවර්ධන කටයුතු සිදු කිරීම යන කාර්යයන් මෙම කමිටුවට පැවරෙනවා. කමිටුව පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය පසුගියදා නිකුත් කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 19:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්