ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ බෙවර්ලි කඳු ප්රදේශයේ වනාන්තරයක ලැව් ගින්නක් හට ගෙන තිබෙනවා.ලැව් ගිනි හේතුවෙන් අවට ප්රදේශවල ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා හමුදා භටයින් 250කට වැඩි පිරිසක් යොදවා සිටිනවා. ගින්න නිවා දැමීම සඳහා හෙලිකොප්ටර් මගින් ද ගිනි නිවීමේ භටයින් ක්රියාත්මකව සිටින බවයි වාර්තා වන්නේ. බෙවර්ලි ප්රදේශයට ආසන්න ප්රදේශවලට ද ගින්න පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව බලධාරීන් පවසනවා.