18 වන ආසියා කණිෂ්ඨ මලල ක්රීඩා ශුරතාවලියට එක්වූ ජයග්රාහී ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (12) යළි දිවයිනට පැමිණියා.
ජපානයේ පැවති මෙවර තරගාවලියේ දී ශ්රී ලංකාව රන් පදක්කම් තුනක්,රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්තා. මෙවැනි දක්ෂතාවක් ශ්රී ලංකාව දැක්වූයේ ඉතිහාසයේ පළමු වතාවටයි. මේ අනුව පදක්කම් සටහනේ පස් වන ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වුණේ රටවල් 35ක් අතරින්. මෙම දක්ෂතා දැක්වූ ක්රීඩක ක්රීඩිකාවන් 11 දෙනෙකු ලබන ජූලි මස 10 වනදා සිට ෆින්ලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කණිෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්රිකට් තරගාවලියට එක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් හා ලහිරු ගමගේ අද (13) යලි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග දෙවන ටෙස්ට් ක්රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. ඔවුන් දෙදෙනා වෙනුවට දසුන් ශානක හා ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට එක්වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් ලබන 26 වැනිදා සිට ආරම්භ වන ශ්රී ලංකා ඒ ක්රිකට් තරග සංචාරයට මෙම ක්රීඩකයින් දෙදෙනා නම් කර සිටියා.