ඡායාරූපයක් යනු ඉතා හොඳ සිහිවටනයක්. එහෙත් ඡායාරූප ගැනීම උන්මාදයක් කරගත් පිරිසක් ද සිටිනවා. ඇතැම්විට සිහිවටනය ජීවිතයේ අවසානය සටහන් වීමට හේතුවක් වූ අවස්ථා බොහෝයි.
ඡායාරූප කලාවට මෑත කාලීනව එක්වූ ඥාතියා selfie ඡායාරූපයි. සෙල්ෆි ඡායාරූප ගැනීම නීති විරෝධී හෝ නුසුදුසු ක්‍රියාවක් නොවෙයි. එහෙත් ඇතැමුන් අවදානම් සහගත ස්ථානවලදී selfie ඡායාරූප ගැනීමට ගොස් ජීවිත අහිමි කර ගැනීම් දිනෙන් දින ඉහළ යනවා. පසුගිය වසරේ selfie ඡායාරූප ගැනීමට ගොස් මෙරට දී මියගිය සංඛ්‍යාව 24කට අධිකයි. රියදුරන් තම රථය ධාවනය කරන අතරතුරදීත් selfie ඡායාරූප ගැනීමට පෙළඹීම එම උන්මාදයට හොඳම උදාහරණයක්. ආසියාවේ වැඩිම selfie මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙන්.පසුගිය මාසය හය තුළ දුම්රිය මාර්ගයේ හා පා පුවරුවේ ගමන් කිරීම, දුම්රිය මගේ selfie ඡායාරූප ගැනීම ආදී කරුණු හේතුවෙන් 241 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. දුම්රිය අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටනකදී මේ බව හෙළි කෙරුණා.
සිසිර කෝදාගොඩ – සභාපති – මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=uJvHbilYIsQ”]
දුම්රිය ස්ථානවල මගීන් දැනුවත් කිරීමේ පරාවර්තන පුවරු සවි කිරීමේ වැඩසටහනක් පැවැත්වුණේ දකුණු පයාගල දුම්රිය ස්ථානයේදී. අත්පත්‍රිකා බෙදාදීමක්ද මෙහිදී සිදු කෙරුණා. පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.