හුංගම නගර හරහා හමාගිය තද සුළඟින් ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා.
අද (13) අලුයම් කාලයේ හුංගම ප්‍රදේශයට සුළං තත්ත්වය බලපා තිබෙනවා. නිවාස මෙන්ම වෙළෙඳසැල් අසූවකට පමණ අලාභ හානි සිදුව ඇති බව වාර්තා වනවා. ඇතැම් වෙළෙඳසැල්වල වහල සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් ඇති අතර ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියට හානි සිදුව තිබෙනවා. විපතට පත්වූවන්ට ආහාර ඇතුළු අවශ්‍ය පහසුකම් ලබාදීමට මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා.