ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ වර්ධනයට දියහැකි උපරිම දායකත්වය ලබාදෙන බව පින්ලන්තය පවසනවා. පින්ලන්ත නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් අතර පැවති හමුවකදී මෙම අදහස් පළකෙරුණා.
මෙරට අධ්‍යාපන ක්ෂේත්රය වැඩිදියුණු කිරීමට අදාළ නව ප්‍රතිපත්ති සහ සැලසුම් රැසක් පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කෙරුණා. නව අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ මෙරට සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව උසස් කිරීමට ගෙන ඇති සැලසුම් පිළිබඳව ද අවදානය යොමුකෙරුණා. පින්ලන්ත රජය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය වැඩිදියුණු කිරීම සදහා දායකත්වය දක්වන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් ඒ පිළිබඳ සතුටට පත්වන බව පින්ලන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ වර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබුණා.මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සංචාරයට සමගාමීවයි මෙම ගිවිසුම්වලට අත්සන් තැබුණේ. වෘත්තීය අධ්‍යාපනය , ඩිජිටල්කරණය වූ ප්‍රදේශ සහයෝගීතාව සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් මෙම ගිවිසුම්වලට අත්සන් තැබුණා. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් , අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි , විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය යන මහත්වරුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ගිවිසුම්වලට අත්සන් තැබුවා.