ළමා උපකාරක සේවා ජාලය පුළුල් කිරිමට ඉන්දීය බලධාරින් පියවර ගත්තා. අදට යෙදී ඇති ළමා මෙහෙකාර සේවය පිටු දැකීමේ දිනයට සමගාමීව එය ක්රියාත්මක බවයි ඉන්දීය ළමා හා කාන්තා කටයුතු අමාත්යංශය සඳහන් කළේ. ළමා ශ්රමිකයන් සම්බන්ධ තොරතුරු දැනුම්දීමට දුරකථන අංකයක් ද හදුන්වා දී තිබෙනවා. ළමයින් ශ්රමිකයන් ලෙස යොදා ගන්නා ස්ථාන 435ක් මෙම වැඩසටහන මඟින් ආවරණය කරන බවයි ඉන්දීය බලධාරින් පෙන්වා දෙන්නේ.