Life+News The Official News Portal of Independent Television Network Ltd

වැහුවත් ලාභයි කියූ මත්තල පාඩු ලබන හැටි

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 19:07

වැහුවත් ලාභයි කියූ මත්තල පාඩු ලබන හැටි

මත්තල ගුවන් තොටුපොල වසා තැබුවත් ලාභ ලැබිය හැකි බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබෙනවා.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ,

එහෙත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල අසාර්ථකවීම හේතුවෙන් පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව කෝප් කමිටුව ද පෙන්වා දෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල 2013 වසරේ ඉදිකළේ චයිනා එක්සීම් බැංකුවෙන් ලබාගත් ඇමෙරිකා ඩොලර් මිලියන 190 ක මුදලක් යොදවමින්. මත්තල ගුවන් තොටුපොලේ තත්ත්වය පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පසුගිය වසරේ ඔක්තෝබර් 19 වනදා පාර්ලිමේන්තුවට එහි හතරවන වාර්තාව ඉදිරිපත් කළා.

2013 වසරේ සිට මේ දක්වාම එම ගුවන් තොටුපොල පාඩු ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. 2013 වසරේ මත්තල ගුවන් තොටුපොලේ මුළු ආදායම කෝටි 4 කට ආසන්නයි. එම වර්ෂයේ ගුවන් තොටුපොල ලැබූ මුලු අලාභය කෝටි 210 ඉක්මවා තිබෙනවා. 2014 වසරේ මුළු ආදායම කෝටි 13 ඉක්මවා ඇති අතර මුළු අලාභය ද කෝටි 272 ට අධිකයි. 2015 වසරේ මුළු ආදායම කෝටි 7 ඉක්මවා තිබෙනවා. එහෙත් වසරේ මුළු අලාභය කෝටි 309 ක් බව කෝප් වාර්තාව සඳහන් කරනවා. 2016 වසරේ පළමු මාස හය තුළ මුළු ආදායම කෝටි 2 ඉක්මවා තිබුණ ද එම වසරේ මුළු අලාභය ද කෝටි 154 කට වැඩි බව එම වාර්තාවේ සඳහන්.

මත්තල ගුවන් තොටුපොල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් විමසීමක් කළා.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ,

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 19:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්