මියන්මාරයේ පැවැත්වෙන ප්ලාස්ටික් හා රබර් ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. ඔවුන් වෙත ගුවන් ටිකට් පත් පිරිනැමීම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ලබන 15 වනදා සිට 17 වනදා දක්වා ප්ලාස්ටික් හා රබර් ප්‍රදර්ශනය මියන්මාරයේ රුංගුං නුවරදී පැවැත්වෙනවා. ලෝකයේ රටවල් රැසක ප්‍රමඛ පෙලේ ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදකයින් 200කට වැඩි පිරිසක් ඊට සහභාගී වනවා. අත්දැකීම් සහ දැනුම හුවමාරු කර කරගැනීමට මෙය ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ට හිමි වන විශේෂ අවස්ථාවක් බව අමාත්‍යවරායා මෙහිදී ප්‍රකාශ කළා. ප්‍රදර්ශනය සඳහා සහභාගී වන කර්මාන්තකරුවන්ගේ ගුවන් ටිකට්පත් සඳහා සියයට 50ක මූල්‍ය දායකත්වයක් ලබා දීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.