Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රාමශක්ති හෙට ජනපති ප්‍රධානත්වයෙන් පුත්තලමෙන් ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 13:07

ග්‍රාමශක්ති හෙට ජනපති ප්‍රධානත්වයෙන් පුත්තලමෙන් ඇරඹේ

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවන ලද පුළුල් ජනතා ව්‍යාපාරය වූ ග්‍රාමශක්ති ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක වන ,ග්‍රාමශක්තියෙන් – ගම හදන ගමන, වැඩසටහන හෙට (13) පුත්තලම දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

ගමේ ජනතාවගේ සංවර්ධන ගැටලූවලට ක්ෂණික විසඳුම් ලබාදීම ගම හදන ගමන වැඩසටහන හරහා සිදු කෙරෙන අතර එහි පළමු වැඩසටහන මෙලෙස පුත්තලම – මහවැව – මැදගොඩ ප්‍රදේශයේදී හෙට පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහිදී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම ආවරණය වන පරිදි ජනතාවගේ නියෝජිතයින් පිරිසක් එකම ස්ථානයකට ගෙන්වා ඔවුන්ගේ සංවර්ධන ගැටලූ ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වෙයි. පළාතේ මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරින් ද ඒ සඳහා කැඳවන අතර ඉදිරිපත්වන ජනතා ගැටලූ සඳහා එම අවස්ථාවේම විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමා විසින් කටයුතු කරනු ඇත.
ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වැඩසටහන ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ග්‍රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුව හෙට ජනපති ප්‍රධානත්වයෙන්

මේ අතර ග්‍රාමශක්ති ව්‍යාපාරයේ වයඹ පළාත් මෙහෙයුම් කමිටුව හෙට (13) පෙරවරුවේ පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි. දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම මෙහෙයුම් කමිටුවේදී ග්‍රාමශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ කි්‍රයාත්මකවන අන්දම සහ එහි ප්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් විමසා බැලෙනු ඇත.

රටේ ජනතාවගේ දිළිඳුකම පිටුදැකීමේ ප්‍රමුඛ අරමුණ ඇතිව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත 2017 වසරේදී ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරිණි. මෙතක් ක්‍රියාවට නංවා තිඛෙන දිළිදුභාවය පිටුදැකීමේ ජනතා ව්‍යාපාර අතරින් ග්‍රාමශක්ති ව්‍යාපාරය වෙනස් ව්‍යාපාරයක් බවට පත්වන්නේ එය යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්ව උත්සාහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම නිසාය.

එමෙන්ම එදා මෙදා තුර, දිළිදුකම පිටුදැකීම වෙනුවෙන් සිදු කෙරුණු බොහෝ ව්‍යාපෘති දියත් කෙරුණේ රජය සහ ජනතාව අතර ගනුදෙනුවක් වශයෙනි. එහෙත් ග්‍රාමශක්ති ව්‍යාපාරය තුළ පළමු වරට දිළිදුකම පිටුදැකීමේ ව්‍යාපාරයක් සාර්ථක වීමට පෞද්ගලික අංශයේ දායකත්වය විධිමත් පරිදි යොදා ගැනීමට කටයුතු කරයි. එසේ කරනුයේ, ජනතාවගේ නිෂ්පාදනවලට වඩාත් හොඳ සහ ස්ථාවර මිලක් සහ අඛණ්ඩ වෙළෙඳපොළක් සම්පාදනය කිරීම සඳහායි.

ඒ අනුව ඕනෑම කුඩා ව්‍යවසායකයෙකුට තම ව්‍යාපාර දියුණු කර ගැනීමට දැවැන්ත සමාගම් සමග කරට කර කටයුතු කිරීමට මග පෙන්වීම ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් ඉටුකරනු ඇත. ඔවුන්ට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම, දේශීය හා විදේශීය වෙළෙඳපොළ සොයාදීම, ණය සහ ආධාර ලබාදීම ග්‍රාමශක්ති ව්‍යාපාරය හරහා සිදු වෙයි. එමගින් ඔවුන්ගේ ජීවිත නංවාලමින් එම නිෂ්පාදන රටට විදේශීය විනිමය උපයාදෙන මාර්ගයන් බවට පත්වනු ඇත. මෙම අරමුණු ඉටුකර ගැනීමට මෙරට මෙන්ම විදේශයන්හිද ප්‍රචලිත පෞද්ගලික සමාගම් සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹිම ද සිදු වෙයි.

හෙට පැවැත්වෙන වයඹ පළාත් මෙහෙයුම් කමිටුවේදි පුත්තලම සහ කුරුණෑගල දිස්ති්‍රක් ලේකම්වරුන්ට ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන පළමු වාරිකය ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වෙයි.ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන නිෂ්පාදන ගම්මාන දෙකක් ද හෙට ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වීමට නියමිත අතර, ඒ අනුව තලවිල ප්‍රදේශයේ සහ මොහොට්ටුවාරම නිෂ්පාදන ගම්මානයේ ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 13:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්