Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරාම් ෂෙයික් ඝාතකයින්ට දුන් දඩුවම් ප්‍රමාණවත් නැතැයි නීතිපතිගේ පෙත්සම විභාගයට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 11:54

කුරාම් ෂෙයික් ඝාතකයින්ට දුන් දඩුවම් ප්‍රමාණවත් නැතැයි නීතිපතිගේ පෙත්සම විභාගයට

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතකයන්ට දුන් දඩුවම ප්‍රමාණවත් නොවන බවට නීතිපති ගොණු කළ අභියාචන පෙත්සම විභාගයට අභියාචනාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සම සැප්තැම්බර් 15 වනදා විභාගයට ගැනීමටයි දින නියම කෙරුණේ. 2011 වසරේ තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් යන අය ඝාතනය කොට ඔහුගේ පෙම්පතිය දූෂණය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුලු 4 දෙනෙකු වරදකරුවන් කෙරුණා. ඔවුන්ට කොළඹ මහාධිකරණය මගින් විසි අවුරුදු සිර දඩුවම් නියම කර තිබුණා. එම දඩුවම ඉවත දමා මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙන ලෙසයි නීතිපතිවරයා සිය අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ. කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් නඩුවේ චූදිතයන් ගොණු කළ අභියාචන පෙත්සම් ද සැප්තැම්බර් 15 වනදා විභාගයට ගැනීමට නියම කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 11:54
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්