Life+News The Official News Portal of Independent Television Network Ltd

කුප්‍රකට ජාවාරමක අප්‍රකට තොරතුරු

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 10:11

කුප්‍රකට ජාවාරමක අප්‍රකට තොරතුරු

ආණ්ඩුව අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 31කින් අඩු කිරීමට නියමිත ය. ඒ අනුව, මෙතෙක් රුපියල් 101ක් ව පැවැති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩුවෙනු ඇති.භූමිතෙල් මිල අඩුකිරීමට රජය තීරණය කළේ වතුකරයේ ජීවත්වන ජනතාව, සමෘද්ධිලාභී පවුල්, ධීවර ප්‍රජාව ආදී අඩු ආදායම් ලබන ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙනි.නමුත් මේ රටේ භූමිතෙල් වැඩිපුරම පරිභෝජනය කරන්නේ මේ අඩු අදායම්ලාභීන් නොවන බව හෙළිවිය. මෙතන පැහැදිලිවම හොර වැඩක් සිදුව තිබිණි.

2018 වර්ෂයේ මුල් මාස හතර තුළ පමණක් දෛනික භූමිතෙල් පරිභෝජනය 41%කින් වර්ධනය වී ඇති බව ඛනිජ තෙල් අමාත්‍යාංශය අනාවරණය කර ගත්තේය.තෙල් මිල වැඩි කිරීමෙන් පසු භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩු වූ බව ද අනාවරණය විය.ඊට හේතුව විමසා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ, කුප්‍රකට ජවාරමක අප්‍රකට තොරතුරු ය. එනම් ඩීසල් භාවිතයෙන් ධාවනය කළ යුතු මගී ප්‍රවාහන බස් රථ භූමිතෙල් මිශ්‍ර කරමින් ධාවනය කරන බවය.මේ බව වරෙක පෞද්ගලික බස් සංගම් හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න ද පිළිගෙන තිබුණේය. ඒ වගේම පෞද්ගලික බස් රථ 30%ක් ධාවනය වන්නේ භූමිතෙල් මිශ්‍ර කිරීමෙන් බව, පෞද්ගලික බස් රථ සමාගම් සමිති සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ත පවසා තිබුණේය.

ගැටලුව ඇත්තේ එතැනය.2015 සිට රුපියල් 44ට ජනතාවට භූමිතෙල් ලබාදෙද්දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලීටරයක් වෙනුවෙන් රුපියල් 100ක නිෂ්පාදන පිරිවැයක් දැරුවේ ය.එපමණ පාඩුවක් දරමින් වුවත් අවුරුදු තුනක කාලයක් ආණ්ඩුව තෙල් මිල වැඩි නොකළේ ය.නමුත් ලෝක තෙල් මිල දිගින් දිගටම ඉහළ යාම හේතුවෙන් පසුගිය මැයි 10 වෙනදා තෙල්වල මිල ඉහළ දැමීමට රජයට සිදුවිය.නමුත් නැවත තෙල් මිල රුපියල් 70 දක්වා අඩුකිරීමෙන් රජයට එක් ලීටයකින් රුපියල් 30ක පාඩුවක් දැරීමට සිදුවිය . එය දැනට පවතින දෛනික පරිභෝජනය අනුව ගණන් බැලුව හොත් දිනකට රුපියල් මිලියන 5.7ක අමතර පාඩුවක් දැරීමකි.මේ අනුව ජනතාවට තෙල් සහනාධාරය ලබාදීම වෙනුවෙන් අධික පාඩුවක් දරාගැනීමට වුව ද වත්මන් රජය සුදානම් බව භාවිතවෙන් පෙන්වා දී ඇත.

අද ආණ්ඩුව මෙසේ කළත් එදා රාජපක්ෂ අණ්ඩුව එසේ කළේ නැත.රාජපක්ෂ ආණ්ඩුව තෙල් මිල අඩුකරපු ආකාරය නම් අතිභයානකය. හලාවත අන්තනී ප්‍රනාන්දුගේ හිස වෙඩි උණ්ඩයකින් පසාරු කරමින් රාජපක්ෂලා කියා සිටියේ අපි තෙල් මිල අඩුකරන්නේ මෙසේය කියාය.කෙසේ වුවත් නැවත භූමිතෙල් මිල අඩු කිරීමේ වාසිය ඩීසල් බස් රථ මුදලාලිලා අතට යෑමේ ඉඩකඩක් තිබේ. ඒ තෙල් ජාවාරමේ පාඩුව දරන්න වෙන්නේ රටේ සමස්ත ජනතාවට ම ය.එය වළක්වා ගැනීම නීතිය ක්‍රියාත්මක කරන අයගේ වගකීමක් මෙන්ම ජනතා සහය ද ඊට හිමි විය යුතුය.

දැනට මේ ඇති සෙස්ස පස්සට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 10:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2018

logo