ජපානයේ පැවති 18 වන ආසියා කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ දී ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
තරගාවලියට රටවල් 35 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ද ඇතුලත්. රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුණා. මේ අනුව පදක්කම් සටහනේ පස් වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා. එහි පළමු තැන සත්කාරක ජපානය දිනා ගත්තා. තරගාවලියේ දී ආසියානු කණිෂ්ඨ තරග වාර්තා 2ක් බිහි කිරීමට ද මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.