ගංවතුරෙන් සහ දැඩි සුළගින් පීඩාවට පත් හික්කඩුව සහ ගෝනපීනුවල ප්‍රදේශවල නිවාස සහ වෙළඳසැල් 61 ක් සඳහා වන්දි මුදල් ප්රදානය කෙරුණා. ඒ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති වැඩසටහනකදීයී වන්දි මුදල් ප්රදානය කෙරුණේ. හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හානියට පත් නිවාස සහ වෙළඳසැල් 52 ක් වෙනුවෙන් රුපියල් විසිහත් ලක්ෂ එකොලොස් දහසක වන්දි මුදල් ප්රදානය කෙරුණා. මේ අතර ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආපදාවට පත් නිවාස 09ක් වෙනුවෙන්ද රුපියල් ලක්ෂ 15ක වන්දි මුදල් පිරිනැමුණා. ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට සහභාගීවුණා.