ඉරාකයේ ඡන්ද පත්‍රිකා ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා. බැග්ඩෑඩයේ නැගෙනහිර දිස්ත්‍රික්කයේ පිහිටි එය ඡන්ද පත්‍රිකා ගබඩා කර ඇති එරට විශාලතම ගබඩාව බවයි වාර්තා වන්නේ.
ගොඩනැගිලි හතරකින් එකක් ගින්නෙන් විනාශ වී ඇති බව ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා. මෙම ගින්න ඉරාක ප්රජාතන්ත්රවාදී කි‍්‍රයාදාමයට සිදුවූ හානියක් බවයි අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාදි සඳහන් කර තිබෙන්නේ.