උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් පාසල් සිසුන් හය දෙනෙකු සහ ගුරුවරයෙකු මිය ගියා. තවත් ළමයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථයකින් තවත් බස් රථයකට ඩීසල් පුරවමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ලබා දෙන ලෙස ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.