දොඩංගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාවක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.දොඩංගොඩ නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලක පවත්වාගෙන ගිය ඇගලුම් කම්හලකයි මෙම හටගෙන තිබෙන්නේ.
අද අලුයම 5.30ට පමණ ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා. ඉන් කර්මාන්ත ශාලාවට අලාභහානි සිදු වුණා. කළුතර ගිනි නිවීමේ ඒකකය සහ දොඩංගොඩ පොලීසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ.