හම්බේගමුව කොන්ගස්මඩ කඳු රක්ෂිතයේ වගාකර තිබූ ගංජා හේන් දෙකක් වැටලීමට පොලිසිය සමත් වුණා. ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොන්ගස්මඩ කඳු රක්ෂිතයේ වගාකර තිබූ මෙම ගංජාවල වෙළෙඳපොල වටිනාකම රුපියල් ලක්ෂ 80 ඉක්මවන බවයි පොලිසිය පවසන්නේ. ගංජා හේන් ගිනි තබා විනාශ කිරීමට පොලිසිය කටයුතු කළා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 සහ 63 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ. ඔවුන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.