ලබන අඟහරුවාදා සිට භූමිතෙල් මිල රුපියල් 70 දක්වා අඩු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා. දිලිප් වෙදආරච්චි මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=UZ4rWSztlQc&feature=youtu.be”]
2014 වසරේදී භූමිතෙල් ලීටරයක මිල පැවතියේ රුපියල් 106 ක් ලෙසයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු භූමිතෙල් ලීටරයක මිල රුපියල් 49 ක් දක්වා අඩු කෙරුණා. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම නිසා භූමිතෙල් මිල පසුගියදා යළි සංශෝධනය කෙරුණා. ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල වූයේ රුපියල් 101 ක්. එහෙත් ධීවරයන් ඇතුලු භූමිතෙල් භාවිත කරන ජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා පහත දැමීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබෙනවා.