Life+News The Official News Portal of Independent Television Network Ltd

සුළං දරුණු වෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 19:31

සුළං දරුණු වෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයින අභ්‍යන්තරයේ සහ මුහුදු ප‍්‍රදේශවල තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කළා. ලබන අඟහරුවාදා (12) දක්වා සුළං පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.(විශේෂ නිවේදනය පහතින්)

මේ අතර තද සුළං තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකට බලපෑම් මතු වුණා. කුරුණෑගල -කුඩාගල්ගමුව ප‍්‍රදේශයේ නිවාස 40 කට හානි සිදුව තිබෙනවා. එම ප‍්‍රදේශයේ මෙන්ම හැටන් සහ මාතලේ ප‍්‍රදේශ වලද ගස් කඩා වැටීමෙන් අතුරු මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා මතු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. විදුුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් විදුලිබල සැපයුමද ඇණහිට තිබුණා. තවදුරටත් පැයට කිලෝමීටර් 70 ක පමණ තද සුළං පැවතිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2018 19:31
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්