විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමෙන් බයිලා සහ ජනා ජීවිතක්ෂයට
Related Articles
වත්තේගම මඩවල ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ හට ගත් වෙඩි හුවමාරුවකදී ප්රබල පාතාල කල්ලි සාමාජියකන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අපරාධකල්ලි සාමාජිකයෙකු පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය මාර්ග බාධක යොදා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළා. එහිදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය දෙසට වෙඩි තබා තිබෙනවා. ප්රතිප්රහාර හමුවේ ඔවුන් තුවාල ලබා කටුගස්තොට රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රුවන් ගුණසේකර මහතා ප්රකාශ කළේ.
මෝටර් රථයේ තිබී ගිනි අවි දෙකක් සොයා ගෙන තිබෙනවා. මෙම අපරාධකරුවන් දෙදෙනා මාකඳුරේ මදූෂ් සහ අංගොඩ ලොක්කා නැමති ප්රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනාගේ ප්රධානම ගෝලයන් බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නේ.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment