මහරගම මහනගර සභාවේ අද(07) උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී නාම යෝජනා ප්රතික්ෂේප වූ පොදු ජන පෙරමුණේ කාන්තාවන් හය දෙනෙකු මන්ත්රීවරියන් ලෙස පත් කිරීමට තීරණය කිරීමත් සමගයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව ජයග්රහණය කළේ යතුරුපැදිය ලකුණින් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමයි. එහිදී ජයග්රහණය කළ මන්ත්රීවරුන් හය දෙනෙකු ඉල්ලා අස්වුණා. පසුව පොදු ජන පෙරමුණේ හය දෙනෙකු ඒ වෙනුවට පත් කෙරුණා. ස්වාධීන කණ්ඩායමක පිරිසක් වෙනුවට වෙනත් කණ්ඩායමක පිරිසක් පත්විය නොහැකි බවට මැතිවරණ කොමිසම මීට පෙර ප්රකාශ තිබූ බවටයි අද (07) මහරගම මහනගර සභාවේ දී චෝදනා එල්ල වුණේ.
මන්ත්රීවරුන්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=G5SEMjbLBgo&feature=youtu.be”]
මෙම තත්ත්වය යටතේ අද(07) මහරගම මහ නගර සභාවේ ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වුණා.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතාගෙන් ද විමසීමක් කළා. කොළඹ දිස්ත්රික් සහකාර තේරීම්භාර නිලධාරී හා අදාල අනෙක් නිලධාරීන් ඔවුන්ට ලැබී ඇති නීතිමය ප්රතිපාදන අනුව මෙම පත්කිරීම් සිදුකර ඇති බවයි මහින්ද දේශප්රිය මහතා කියා සිටියේ.