වසර 2020 වනවිට මන්නාරම් දිස්ත්‍රික්කයේ 60%ක භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.අමත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
” මන්නාරම දිස්ත්‍රික්කය දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතිවලට අමතරව කල්ලාර් ගඟේ ජලාශයක් ඉදිකරමින් මන්නාරමේ එක් කොටසකට තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අප යෝජනා කර තිබෙනවා. ශක්‍යතා කටයුතු චීන සමාගමක් සමඟ සිදු කරගෙන යනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න යෝජනා කර තිබෙනවා.මන්නාරම් දිස්ත්‍රික්කයේ මඬු ,මන්නරම, මාන්තායි බටහිර, මුසලි සහ නානාර්තාන් ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශ ආවරණය කරමින් වසර 2020 වනවිට දිස්ත්‍රික්කයේ 60%ක් වැනි භූමි ප්‍රමාණයක් ආවරණය කළ හැකි ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වේ යැයි විශ්වාස කරනවා. දැනට 19%ක ප්‍රතිශතයක් ආවරණය කරන්නේ.වකුගඩු රෝගයෙන් පෙළෙන ප්‍රදේශ හඳුනාගෙන ජල පෙරණ යන්ත්‍ර නොයෙක් ප්‍රදේශවලට සවිකරමින් යනවා. “