ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ පැවැත්වෙන බව ධවල මන්දිරය නිවේදනය කරනවා. එම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණේ සිංගප්පූරුවේ ෂැන්ග්රිලා හෝටලයේයි.
ලෝකයේම අවධානය හොමු වී ඇති මෙම සාකච්ඡාව ලබන 12 වනදා පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කරනවා. මෙම හමුව මීට පෙර පැවැත්වෙන ස්ථාන පිළිබදව විවිධ මත පළවුනද ධධවල මන්දිරය නිල වශයෙන් ප්රකාශ කළේ සිංගප්පුරුවට අයත් දිවයිනක හෝටලයික් තුළ පැවැත්වෙන බවයි. කෙසේ නමුත් මෙම හමුව සම්බන්ධයෙන් වැඩි විස්තර තහවුරු වී නැහැ.