කූට ලේඛණ සකස් කරගනිමින් දිවයින පුරා පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පිළිබදව ක්‍රියාමාර්ගයක් ගැනීම සදහා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.නාරාහේන්පිට ජාතික රුධිරපාරවිලයන මධ්‍යස්ථානයේ දී අද (04) පෙරවරුවේ පැවැති දේශිය වෛද්‍ය පළාත් අමාත්‍ය සමුළුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
සමුලුවට එක්ව සිටි පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් ප්‍රකාශ කළේ කූට ලේඛණ සකස් කර ගනිමින් පවත්වාගෙන යනසම්භාහන මධ්‍යස්ථාන රැසක් ඇති බවයි. බස්නාහිර පළාතේ මහරගම නගර සභා බල සීමාවේ එවැනි සම්භාහන මධ්‍යස්ථාන 300 ක් ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණි. නමුත් එම නගර සභා බලසීමාව සදහා අවසර ගෙන ඇත්තේ සම්භාහන මධ්‍යස්ථාන 04 කට පමණයි. මෙම සම්භාහන මධ්‍යස්ථාන පිළිබදව පසුගිය සෙනසුරාදා පොලීසිය, මහරගම නගර සභාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පරීක්ෂණයක් ද සිදු කර ඇත. නමුත් ප්‍රමාණවත් නීති නොමැතිවීම නිසා මෙම සම්බාහන මධ්‍යස්ථාන ඉවත් කිරිමට නොහැකි වී තිබේ. ඒ පිළිබදව නීතියක් සම්මත කර ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට නීතිපතිවරයාගෙන් කරුණු විමසන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. තව ද පෞද්ගලික අංශඅධීක්ෂණ සදහා දේශීය වෛද්‍ය පෞද්ගලික ආයතන නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම ද උචිතබව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
මේ අතර සියලුම පළාත් සභා වලදේශීය වෛද්‍ය සේවාව නගා සිටුවීම සදහා යටිතල පහසුකම් දියුණු කිරිමට අවශ්‍ය සැළසුම් සකස් කර මාසයක් තුල ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ට මෙහිදී දැනුම් දෙන ලදී.
මෙම අවස්ථාවට දකුණූපළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුලු පළාත් සභාවල දේශීය වෛද්යඅමාත්යවරුන්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, දේශිය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම්වරුන් වනඑල්.එච් තිළකරත්න, ගීතාමනී කරුණාරත්න, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, යනමහත්ම මහත්මීන් සහ ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.