කොළඹ රාජකීය විදුහල් බොක්සිං ක්රීඩා පිටියේදී නිමා වූ ආධුනික බොක්සිං තරගාවලියේදී මෑත ඉතිහාසයේ දක්නට නොලැබුණු සිදුවීම් කිහිපයක් මෙවර වාර්තා වුණා. 3 වන ස්ථානයක් නම් නොකිරීම, දක්ෂතම ක්රීඩකයාට හා ක්රීඩිකාවට හිමි සම්මාන ලබා නොදීම ඇතුලු කරුණු කිහිපයක් මෙහිදී කැපී පෙනුණා. ආධුනික බොක්සිං තරගාවලියට ක්රීඩක ක්රීඩිකාවන් 158 දෙනෙකු එක්ව සිටියේ බර පන්ති 16 ක් යටතේයි.
මෙවර තරගාවලියට ජාතික බොක්සිං සංගමයේ ලේකම් හේමන්ත වීරසිංහ මහතා පැමිණ සිටියත් සංවිධාන දුර්වලතා රැසක් දැකගත හැකි වුණා. කෙසේ වෙතත් තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්රීඩකයා ලෙස පේරාදෙනිය බොක්සිං ක්රීඩා සමාජය නියෝජනය කළ එච් එන් ජිනදාස සම්මාන දිනා ගත්තා. හොදම පරාජිත ක්රීඩකයා වූයේ අප්හිල් ක්රීඩා සමාජයේ අයි ඩී බාලසූරියයි. තරගාවලියේ හොදම බොක්සිං ක්රීඩිකාව ලෙස පොලිස් ක්රීඩා සමාජයේ ආර් එස් ඉලංගරත්න සම්මාන හිමිකර ගත්තා. දක්ෂතම පරාජිත ක්රීඩිකාව වූයේ තුරුලි ක්රීඩා සමාජයේ ඒ ඒ රණසිංහ ක්රීඩිකාවයි. ඔවුන්ට ඉතිහාසයේ පළමු වරට මෙවර කුසලාන පිරිනැමීමක් සිදුවූයේ නැහැ. තරගාවලියේ තුන්වන ස්ථානයක් තේරීම ද සිදුවූයේ නැහැ.