මරණය… මේ ලෝකයේ හොඳ සිහියෙන් ඉන්න කිසිම කෙනෙක් ආසාවෙන් වැළඳ ගන්න අකමැති දෙයක් තියෙනවා නම් ඒ තමයි මරණය… අපි කවුරුත් මිය යන්න බයයි.අපට තිබෙනවා බලාපොරොත්තු, ජීවිතය ගැන සිහින, සැබෑ කර ගන්න අරමුණු, ලබා ගන්න බොහෝ දේවල්.ඒ හැම දෙයක් ම වෙනුවෙන් දවස ගාණේ අපි හැල්මේ දුවනවා.ආශාවන් පොදි බැඳ ගන්නවා.හැබැයි මේ හැම ආශාවක් ම හදිසියේ එන සුළි කුණාටුවකින් විනාශ වෙලා යන්න පුළුවන්.අපිම නොසිතන වෙලාවක මේ සියල්ල අතැර යන්න අපිට සිද්ධ වෙන්න පුළුවන්.
ඒත් තමන්ගේ ජීවිතය වෙනුවෙන් කිසිවක් නොකර, අන්‍යයන් වෙනුවෙන් ම කැප වුණ, නිකරුණේ දෙපැත්තකට වෙලා ගහ මරා ගන්න රටවල් දෙකක අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා විනාශ වුණ තරුණ ජීවිත සිය දහස් ගණනක් ලේ වැකුණු ඉතිහාසයට එක් වෙන්න ඇති.ඒ ලේ වැකුණු දුක්ඛිත ඉතිහාසයට එක් වුණ තවත් චරිතයක් පිළිබඳව ලෝකයම උණුසුම් කතාබහක නියැළෙන මොහොතක මේ සටහන තබනවා.
ඇය නමින් රසාzන්-අෂ්රෆ්-අබ්දුල්-කාදිර්-අල්-නජ්ජාර්…
පලස්තීන ජාතිකයකු වන රසාzන් උපන්නේ ඊශ්‍රායල දේශ සීමාවට අයත් ක්හුසා( Khuzaa) නගරයේ දරුවන් හය(06) දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස 1996 වසරේදීයි.ගාසා සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්වේච්ඡා හෙදියක ලෙස සේවය කළ රසාzන් ස්වේච්ඡා සේවය අවසාන යේ ඛාන් යුනිස් නගරයේ නසාzර් රෝහලට එක්වන්නේ විධිමත් පුහුණුවකින් පසුවයි.රාජ්‍ය නොවන සෞඛ්‍ය සංවිධානයක් වන පලස්තීන වෛද්‍ය සහන සමාජයේ ක්‍රියාකාරී සාමාජිකාවක ද වන ඇය ඊශ්‍රායල – පලස්තීන ගාසා තීරයන් හි සිදු වන යුද ගැටුම් අතරතුර තුවාලකරුවන් ට ප්‍රථමාධාර සපයන සුදුකබාකාරියක ලෙස කාර්යබහුල වෙනවා.ඒ සහෝදර වෛද්‍ය කණ්ඩායම් ද සමඟින්.
2018 මාර්තුවේ ඊශ්‍රායල – පලස්තීන දේශසීමා අර්බුදයේ දී පැවති විරෝධතාවට එක් වූ ප්‍රමුඛතම ක්‍රියාකාරිනියක ලෙස රසාzන් ඉතිහාසයට එක් වෙනවා. මාස ගණනාවක් පැවති විරෝධතා අතරේ රසාzන් ගේ සමීපතමයන් සිය දහස් ගණනින් මරණය කරා ගමන් කරනු සියැසින් දැක දැකම ඇය යුදබිමේ ඇද වැටෙන තුවාලකරුවන් ට සිය සේවය සපයන්නට තරම් නිර්භීත වුණා.මිතුරන් සමු ගනිද්දී තමන්ට ද එවැනි ම දිනයක් එළඹෙන බව ඇයට නිකමට හෝ නොසිතෙන්නට ඇති.සමහරවිට මරණයට ඇය සූදානම් වී සිටියා ද විය හැකියි.
තීරණාත්මක දිනය එළඹුණා.ඒ ජූනි මාසයේ පළමු වැනිදායි. රසාzන් සිටියේ ඊශ්‍රායලයේ බටහිර දේශසීමාවේ විරෝධතාකරුවන් අතර තුවාලකරුවන් මරණයෙන් බේරා ලැනීමට උත්සාහ කරමින්.මිය යමින් සිටි ජීවිතවලට සිය උපරිම ශක්තිය සපයමින් ඔවුන් ට ජීවත් වීමට උපකාර කරමින් සිටි රසාzන් වෙත ඊශ්‍රායල ස්නයිපර් තුවක්කුකරුවක් ගේ වෙඩි උණ්ඩය ළඟා වන්නේ ඇයට ද සමු ගැනීමට කාලය උදා වී ඇති බව පසක් කරමින්.ඇය හැඳ සිටි සුදු කබාය ඇගේ දේශාභිමානය කැටි වුණු රුධිරයෙන් තෙත් වෙද්දී රසාzන් ගේ සුසුම් වාතලයට මුසු වෙනවා.
මිය යන විට ඇය යාන්තම් 21 වන විය පසු කළා පමණයි.විරෝධතා සමයේ දී මාධ්‍යවේදී ඉයාද්-අබුහෙවිලියා (Iyad – Abuhewelia) රසාzන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදු කළා.එහිදී ඇය ඛාන් යුනිස් කඳවුරේ සිට තමා ගාසා තීරයේ සිට සිදු කරන කාර්යයන් පිළිබඳව පැහැදිලි කර තිබුණා.ඉන් ඉස්ලාම් භක්තික රටක උපන් කාන්තාවක ලෙස ඇගේ නිර්භීත හා ඉදිරියට ම යන ස්වභාවය පිළිබඳ මනා වැටහීමක් ඇති කර ගත හැකි වෙනවා.
” හැම අනතුරුදායක අවස්ථාවකදී ම කාන්තාවන් ඉතාම නිර්භීත ලෙස සිටිය යුතුයි.අපේ සමාජය හැමවෙලාවකම කාන්තාව කියන චරිතය විනිශ්චයට ලක් කරනවා.ඒත් සමාජය විසින් කාන්තාවන් වන අපිව පිළිගත යුතුයි.යම් හෙයකින් ඔවුන් ට අපිව පිළිගත නොහැකි නම් අපිව පිළිගන්නා ලෙස අපි ඔවුන් ට බල කළ යුතුයි.මොකද මේ ලෝකේ ඉන්න හැම පිරිමියෙකුට ම වඩා ගැහැණුන් වන අපි ශක්තිමත් නිසා.”
රසාzන් ගේ දේශාභිමානය මුසු වූ රුධිරය කැටි වුණු සුදු කබාය අතින් ගත් ඇගේ පියා සහ ඇගේ අවමංගල්‍යය ට එක් වුණු දහස් ගණන් පලස්තීනුවන්,වෛද්‍ය සඟයන් පිළීබඳව ලොව පුරා මාධය ඔස්සේ පෙන්වා තිබුණා.
ඇය අභීත දියණියක්, සොයුරියක්,යෙහෙළියක්, ඒ සියල්ලටම වඩා ඇය ” වීරවරියක් ” සැමට සෙවණ දුන් පුංචි නයිටිංගේල් කුමරිය අවසන් මොහොත දක්වා ම තම ජීවිතය අනතුරේ හෙළමින් සිය අයිතිය වෙනුවෙන් සටන් කරන සහෘදයින් ට දිරි දුන්නා.සිය සඟයන් නිහඬ කළ උණ්ඩයට නවතාලිය නොහැකි වූ ඇගේ ධෛර්යය, ආත්ම විශ්වාසය පසුගියදා ඇගේ පපුවට ම එල්ල වෙද්දීත් ඇය සිටියේ යුද බිමේ ඇයට හිමි රාජකාරිය අකුරටම ඉටු කරමින්. ආදරණීය රසාzන් ලෝකයට ඔබව කිසිදා අමතක කළ නොහැකියි.ඔබේ ම ජනතාවට ද ඔබව අමතක නොවේවි.වෙනෙකක් තබා ඔබව නිහඩ කළ ස්නයිපර් වෙඩික්කරුට ද ඔබව අමතක නෙවේවි. වීරයන් මිය ගිය පසු උපදින්නේ දිව්‍ය ලෝකයේ බව අප අසා තිබෙනවා.
ඉතින්…. එබ එනතුරු ඔබේ මියගිය සඟයන් ද දිව්‍ය ලොකයේ සිට මග බලාගෙන ඇති.ඔබ මිහිපිට සූරදූතිකාවක්… දැන් ඔබ සුරලොව සූරදූතියක ලෙස සිටිනවා ඇති.
ආදරණීය රසාzන්…. ඉතින් සමුගනිමු… ඔබට සුභ ගමන්!!!!!!
– සුපුන් භාග්‍යා වීරකෝන් –
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/34090626_2155951851112280_3524891986383339520_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/34121919_2155950904445708_5246135881563111424_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/34135734_2155954004445398_2596966136033574912_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/34158605_2157198167654315_8618650936614584320_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/34278605_2155948294445969_7051227446850355200_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/34305340_2157219780985487_6489894509961281536_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/34307225_2157220134318785_4512481851666857984_n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/34387958_2157219627652169_1593038107781890048_n.jpg”]