නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං තත්වය ඉදිරිදින කිහිපයේදී (ජුනිමස 06 වනදිනසිට) වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් පවතිනු ඇත.බස්නාහිර,දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථානවලට,විශේෂයෙන් බස්නාහිර,සබරගමුව සහමධ්‍යමපළාත්වල මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි අතර දකුණුපළාතේත් මොණරාගල, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකියි.
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනවටාවනමුහුදු ප්රදේශවලසුළංතත්වයඉදිරිදිනකිහිපයේදී (ජුනිමස 06 වනදිනසිට) වැඩි විය හැක.මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 35-45 ක් පමණ වේ.පුත්තලම සිටමන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහමාතරසිට හම්බන්තොට හරහා පොතුවිල්දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළුවිය හැක.සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශතරමක් රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.